රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පුහුණුවීම්වල නිරතව සිටි Y-12 වර්ගයේ ගුවන් යානයක සංඥා පද්ධතියේ හටගත් සුළු ගැටලුවක් හේතුවෙන් එම ගුවන් යානය නැවත රත්මලාන ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට සිදුවූ බව ශ්රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
ඒ හේතුවෙන් පුහුණුවීම්වල නිරත ගුවන් නියමුවන් දෙදෙනා ආරක්ෂිතව යානය ගොඩබැස්වීමට කටයුතු කළ අතර, ගොඩබෑමේදී යානයේ රෝද පද්ධතිය, එන්ජිමේ ඉන්ධන පද්ධතිය සහ තවත් කොටස් කිහිපයකට පමණක් සුළු හානි සිදුවී ඇති බව ගුවන් හමුදාව සඳහන් කරයි.




