Home / Local News / බදු ශක්ති 2026″ ජාතික සංවර්ධන වැඩසටහන

බදු ශක්ති 2026″ ජාතික සංවර්ධන වැඩසටහන

.

රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “බදු ශක්ති 2026″ ජාතික සංවර්ධන වැඩසටහන සඳහා මෙවරත් දිවයින පුරා පිහිටි ස්වේච්ඡා සංවිධාන, ප්‍රජා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලින් (RARMB) ව්‍යාපෘති යෝජනා භාරගැනීම ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන යටතේ තෝරාගන්නා ව්‍යාපෘති සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාදීමට නියමිත අතර, ප්‍රජා සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික දියුණුව ඉලක්ක කරගත් ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව සංවිධායකයින් පවසයි.

අයදුම්පත් ඉදිරිපත් කිරීමට කැමති සංවිධාන සාමාජිකයන් 10 දෙනෙකුට නොඅඩු ක්‍රියාකාරී කණ්ඩායමක් සහිතව, නියමිත ආකෘතියට අනුව සම්පූර්ණ කරන ලද ලේඛන සමඟ අයදුම් කළ යුතුය.

එසේම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ප්‍රජාවට ගෙන එන ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් සුදුසු සංවිධාන තෝරාගැනීමට නියමිත බවද සඳහන් වේ.

“බදු ශක්ති 2026” වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජූලි 10 වන අතර, වැඩිදුර තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *