හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ වාණිජ ඉන්ධන නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව, ඉරානයට එරෙහිව “ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්” ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිවේදනය කර තිබේ.
ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ බදාදා අලුයම හෝර්මොස්ගාන් පළාතේ පිහිටි බන්දාර් අබ්බාස්, සිරික් වරායන් සහ කෙෂ්ම් දූපත ආශ්රිත ප්‍රදේශවල පිපිරීම් රැසක් වාර්තා වූ බවයි.
CENTCOM නිවේදනය කළේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගයකින් ගමන් කළ සිවිල් කාර්ය මණ්ඩල සහිත වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර සඳහා ඉරානයට “බරපතළ පිරිවැයක්” ගෙවීමට සිදුවන ලෙස මෙම ප්‍රහාර ක්‍රියාත්මක කළ බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ,
“හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නෞකා තුනකට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර සිදු කෙරේ. ඉරානයේ මෙම ක්‍රියාකාරකම් සාධාරණීකරණය කළ නොහැකි අතර, අනතුරුදායක මෙන්ම සටන් විරාමයද උල්ලංඝනය කිරීමකි.”
පසුව නිකුත් කළ තවත් නිවේදනයකින් CENTCOM සඳහන් කළේ අමෙරිකානු හමුදා විසින් ඉලක්ක 80කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බවයි.
එම ඉලක්ක අතර,
- ගුවන් ආරක්ෂක පද්ධති
- හමුදා අණදෙන මධ්‍යස්ථාන
- මිසයිල ස්ථාන
- කුඩා යුද බෝට්ටු 60කට වැඩි සංඛ්‍යාවක්
ඇතුළත් වූ බව ද ප්‍රකාශ කර ඇත.



