Home / Uncategorized / මානව හිමිකම් කඩකළැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි

මානව හිමිකම් කඩකළැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි


May 29, 2026 
 iri news
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවේ චූදිත එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය. ලේකම් තනතුරින් තමන් ඉවත් වන බව මහාචාර්යවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මහාචාර්යවරයා අමාත්‍යාංශයේ ‌​ෙජ්‍යෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට වන තීන්දුවක් පසුගිය සතියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතර තනතුරින් ඉවත් වීමට එය හේතුවක් බව ද පැවැසේ. ලේකම් ධුරයෙන් ඉවත් වන ඔහු යළි විශ්වවිද්‍යාල සේවයට ඇතුළත් වීමට සූදානමින් සිටියි. මහාචාර්යවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *