Home / Foreign News / ඇමෙරිකාව ඉරාන වරායන්ට නාවික අවහිරය ආරම්භ කරයි

ඇමෙරිකාව ඉරාන වරායන්ට නාවික අවහිරය ආරම්භ කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ වරායන් වෙත නෞකා ඇතුළු වීම සහ පිටවීම අවහිර කිරීමේ නාවික ක්‍රියාමාර්ගය බලාත්මක කර ඇත.

එම අවහිරය ශ්‍රී ලංකා වේලාවෙන් අප්‍රේල් 13 වැනිදා රාත්‍රී 7.30 සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර, එය මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

ඉරාන වරායන්ට ඇතුළු වන හෝ එයින් පිටවන සියලුම නෞකා ඉලක්ක කරමින් මෙම නාවික අවහිරය පැනවීමට නියමිත බව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම, අවහිරය උල්ලංඝනය කරමින් ගමන් කරන ඉරාන ප්‍රහාරක යාත්‍රා විනාශ කරන බවටද ඔහු අනතුරු ඇඟවීය.

මෙම පියවර, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ආතතිය තවදුරටත් උද්දීපනය කරනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *