Artemis II මෙහෙයුමට එක්ව සිටින NASA ගගනගාමීන් සිව්දෙනා, ඉතිහාසයේ මිනිසුන් පැමිණ ඇති දුරින්ම පෘථිවියෙන් ඈතට ගමන් කරමින් සඳ අසලින් විශේෂ පියාසරයක් සාර්ථකව සිදු කර ඇත.
Orion spacecraft යානය සඳ මතුපිටින් කි.මී. 6,550 (සැතපුම් 4,070) පමණ දුරකට සමීපව ගමන් කරමින් සඳේ ගුරුත්වාකර්ෂණ බල ප්‍රදේශයටද ඇතුල් වී ඇත.
මෙම ගමන් මගෙහි සැලසුම් කළ අදියරකදී, Houston හි මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය විනාඩි 40කට ආසන්න කාලයක් අහිමිවී තිබුණි. මෙය සිදු වන්නේ සඳේ ශරීරය හේතුවෙන් පෘථිවියේ සිට යවන රේඩියෝ හා ලේසර් සංඥා අවහිර වීම නිසාය.
මෙම කාලය තුළ ගගනගාමීන් වන Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen සඳේ පසුබිම් පැත්ත නිරීක්ෂණය කරමින් විද්‍යාත්මක දත්ත රැස් කිරීමට යොමු වී ඇත.
විශේෂයෙන්, කිලෝමීටර් 965ක් (සැතපුම් 600ක්) පළල ඇති Orientale basin ඇතුළු ප්‍රදේශ ඡායාරූප ගත කර තිබේ.
NASA අනුව, මෙම සන්නිවේදන බිඳවැටීම “අපේක්ෂිත හා සැලසුම් කළ” එකක් වන අතර, සඳ පසුපසින් ගමන් කිරීමේදී සිදුවන ස්වාභාවික තත්ත්වයක් ලෙස විස්තර කර ඇත.
👉 මෙම මෙහෙයුම Artemis program යටතේ සිදු වන අතර, ඉදිරියේදී මිනිසුන් නැවත සඳට යැවීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.





