Home / Foreign News / නවසීලන්තයේ ඉන්ධන මිල ඉහළට – පෙට්‍රල් ලීටරයක් රු.500කින් වැඩි

නවසීලන්තයේ ඉන්ධන මිල ඉහළට – පෙට්‍රල් ලීටරයක් රු.500කින් වැඩි

2026 මාර්තු 10 | Lanka Breaking News

නවසීලන්තයේ ඉන්ධන මිල ගණන් පසුගිය දින කිහිපය තුළ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ශ්‍රී ලංකා මුදලින් ගණනය කළ විට රුපියල් 500කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

දැනට පවතින දත්ත අනුව,

  • ඔක්ටේන් 91 පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල නවසීලන්ත ඩොලර් 2.64 – 2.70 අතර පවතින අතර, ඕක්ලන්ඩ් වැනි ප්‍රධාන නගරවල එය ඩොලර් 2.99 දක්වා ඉහළ ගොස් ඇත. ඔක්ටේන් 91 පෙට්‍රල්: රුපියල් 485 – 550 අතර (ලීටරයකට)
  • ඔක්ටේන් 95 පෙට්‍රල් රට පුරා බොහෝ ප්‍රදේශවල ඩොලර් 3.00 සීමාව ඉක්මවා ඇති අතර, ඇතැම් ස්ථානවල ඩොලර් 3.12 – 3.27 අතර මිලක් වාර්තා වේ.
  • ඔක්ටේන් 95 පෙට්‍රල්: රුපියල් 550 – 600 අතර (ලීටරයකට)
  • ඩීසල් ලීටරයක මිල සාමාන්‍යයෙන් ඩොලර් 2.09 ක් පමණ වන අතර, පසුගිය සති හතර තුළ එය සියයට 12කින් පමණ ඉහළ ගොස් ඇත. ඩීසල්: රුපියල් 380 – 400 අතර (ලීටරයකට)

නවසීලන්ත රජයේ දත්ත අනුව, එරටට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයට අනුව දින 90කට (මාස තුනකට) ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට නීතිමය වශයෙන් බැඳී සිටින බවද සඳහන් වේ.

අන්තර්ජාතික තෙල් වෙළඳපොළේ මිල ඉහළ යාම සහ ගෝලීය ආර්ථික අර්බුද හේතුවෙන් මෙම මිල වැඩිවීම සිදුව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *