Home / Breaking News / අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි – උවිඳු විජේවීර

අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි – උවිඳු විජේවීර

Jul 15, 2026 at 06:26 AM

|

Lanka Leader

ක බලවතුන් අතර ඇති වී තිබෙන නව තරගකාරීත්වය හමුවේ අභ්‍යවකාශය බෙදාගැනීම සඳහා වන නවතම යුද්ධයක් ඉතා ආසන්නයේ පවතින බව ‘දෙවන පරපුර’ දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ පැරණි සීතල යුද සමයේ ඇමෙරිකාව සහ රුසියාව අතර පැවති අභ්‍යවකාශ තරගය, වර්තමානය වන විට නව මුහුණුවරක් ගනිමින් අතිශය සංකීර්ණ සහ භයානක තලයකට පැමිණ ඇති බවයි.

මෙහිදී එලොන් මස්ක් (Elon Musk) සහ ඔහුගේ ‘SpaceX’ සමාගමේ සීඝ්‍ර වර්ධනය පිළිබඳව අවධානය යොමු කරන විජේවීර මහතා, රාජ්‍යයන් සතු වූ අභ්‍යවකාශ බලය මේ වන විට ප්‍රබල පෞද්ගලික සමාගම් සතු වෙමින් පවතින ආකාරය පැහැදිලි කරයි. ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙමින් එලොන් මස්ක් සිදුකරන මෙම මැදිහත් වීම, ගෝලීය දේශපාලනයේ සහ අනාගත ආරක්ෂක ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

අතීතයේ පැවති සාම්ප්‍රදායික යුද බිමෙන් ඔබ්බට ගොස් අභ්‍යවකාශයේ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධති, සම්පත් සහ කක්ෂීය බලය අත්පත් කරගැනීම සඳහා බලවත් රාජ්‍යයන් අතර ඇතිවන මෙම ගැටුම, සමස්ත ලෝකයේම පැවැත්ම සහ අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකයක් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *