Home / Breaking News / පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි.. ශානිගෙන් පරීක්‍ෂණ ඉවත් කරන්න බෑ කියයි.. සලේ යලිත් ශානි ලගට..

පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි.. ශානිගෙන් පරීක්‍ෂණ ඉවත් කරන්න බෑ කියයි.. සලේ යලිත් ශානි ලගට..

ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් දෙන්න – අධිකරණයෙන් සුරේෂ් සලේට නියෝග – 

iri news

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව සිදු කෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුගේ ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද (Passwords) විමර්ශන නිලධාරීන් වෙත ලබා දෙන ලෙස අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

bylanka C news-July 01, 2026

 රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ විමර්ශන කටයුතුවලින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉවත් කළ නොහැකි බව අධිකරණය අද (01) තීන්දු කළේය.

තමන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලින් ශානි අබේසේකර මහතා ඉවත් කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ලබා දී තිබේ.

පාස්කු ඉරිදා දින එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකය මත සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.

තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව සුරේෂ් සලේ මහතා බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කෙසේ වෙතත්, සිය නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු අද දිනයේ එම උපවාසය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

අධිකරණ තීන්දුවට අනුව, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *