Home / Local News / ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට දකුණු කොරියාවේදී ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට දකුණු කොරියාවේදී ජාත්‍යන්තර සම්මානයක්

2026 ජූනි 19

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) දකුණු කොරියාවේ සෝල් නුවර පැවති Seoul International Travel Fair (SITF 2026) ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී සම්මාන කිහිපයක් දිනා ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ විශේෂ ඇගයීමකට ලක්ව තිබේ.

2026 ජූනි 4 සිට 7 දක්වා සෝල් නගරයේ පැවති මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගී වූ අතර, එහිදී සංචාරක කර්මාන්තයේ නව්‍යකරණය, ඉදිරිපත් කිරීමේ ගුණාත්මකභාවය සහ අමුත්තන් ආකර්ෂණය කිරීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ප්‍රදානය කරන 2026 SITF Eminent Tourism Pioneer Award සම්මානය ශ්‍රී ලංකාවට හිමිවිය.

SITF Tourism Award Committee විසින් පත්කරන ලද විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් මෙම සම්මාන ප්‍රදානය සිදුකර ඇති අතර, ප්‍රදර්ශනයේ නියෝජිත රටවල් අතර ශ්‍රී ලංකාව කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇති බව සඳහන් වේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට Best Popular Booth Award, Best Booth Design Award සහ Best Performance Award යන සම්මාන ද හිමිව තිබේ.

ප්‍රදර්ශන කුටියේ සුවිශේෂී සැලසුම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංචාරක ආකර්ෂණ ස්ථාන නිර්මාණශීලීව ප්‍රවර්ධනය කිරීම සහ නරඹන්නන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීම හේතුවෙන් Best Popular Booth Award සම්මානය හිමි වූ බව සංවිධායකයින් සඳහන් කරයි.

තවද, ශ්‍රී ලංකා කුටියේ නවීන සහ ආකර්ෂණීය සැලසුම වෙනුවෙන් Best Booth Design Award සම්මානයත්, සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හා ප්‍රේක්ෂක සහභාගීත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් Best Performance Award සම්මානයත් ප්‍රදානය කර ඇත.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ දකුණු කොරියානු සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට වැදගත් පිටුබලයක් වනු ඇති බව සංචාරක ක්ෂේත්‍ර විශ්ලේෂකයෝ පෙන්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *