Home / Local News / ඉදිරි මාස 03ට ඩීසල් සදහා රුපියල් 100ක,පෙට්‍රල් සදහා රුපියල් 20ක සහනයක් ලබා දීමට රජය බිලියන 57ක් වෙන් කරයි

ඉදිරි මාස 03ට ඩීසල් සදහා රුපියල් 100ක,පෙට්‍රල් සදහා රුපියල් 20ක සහනයක් ලබා දීමට රජය බිලියන 57ක් වෙන් කරයි

රජය විසින් ඉදිරි මාස තුන සඳහා ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් 100ක සහ පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 20ක සහ­න­යක් ලබා දීමට තීර­ණය කර ඇත. ඒ වෙනු­වෙන් රුපි­යල් බිලි­යන 57ක මුද­ලක් වෙන්කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමා­ගමේ සභා­පති ඩී.ජේ. රාජ­ක­රුණා මහතා පව­සයි.

මැද­පෙ­ර­දිග පව­තින යුද­මය වාතා­ව­ර­ණය හමුවේ ඉන්ධන මිල තව­දු­ර­ටත් ඉහළ මට්ට­මක පව­තිනු ඇතැයි පුරෝ­ක­ථ­නය කර ඇතැ­යිද ඔහු කීය.

ඩීසල් ලීට­ර­යක් ගෙන්වා බෙදා හැරී­මට රුපි­යල් 750ක පමණ පිරි­වැ­යක් දැරී­මට සිදු­වු­වද, එය රුපි­යල් 392කට අලෙවි කිරීම හේතු­වෙන් ලීට­ර­ය­කින් රුපි­යල් 358ක පමණ පාඩු­වක් සිදු­වන බව ද ඔහු පෙන්වා දෙයි.

ඉන්ධන සඳහා වැය­වන විදේශ විනි­මය ප්‍රමා­ණය ඉහළ යෑම මෙරට ඩොල­රයේ අග­යට ඍජුව බල­පාන බව සභා­ප­ති­ව­රයා පව­සයි. පසු­ගිය අප්‍රේල් මාස­යේදී පම­ණක් ඉන්ධන සඳහා ඩොලර් මිලි­යන 522ක් වැය වී ඇති අතර, මැයි මාස­යේදී එය ඩොලර් මිලි­යන 324ක් දක්වා අඩු­කර ගැනී­මට හැකි වී තිබේ. මේ හේතු­වෙන්, ඩොල­රය ආරක්ෂා කර­ගැ­නීම සඳහා ඉන්ධන පරි­භෝ­ජ­නය හැකි­තාක් සීමා කරන ලෙස ඔහු ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.

මෑත­කා­ලී­නව මෙරට මුහුණ දුන් ඉන්ධන අර්බු­දය හමුවේ වුවද, නිසි කළ­ම­නා­ක­ර­ණය සහ නිල­ධා­රීන්ගේ කැප­වීම මත වර්ත­මා­නය වන විට ඉන්ධන පිර­වු­ම්හල් හරහා කිසිදු බාධා­ව­කින් තොරව ඉන්ධන නිකුත් කිරීමේ හැකි­යාව ලැබී ඇති බව රාජ­ක­රුණා මහතා පව­සයි.

යම් හදිසි තත්ත්ව­යක් ඇති නොවන්නේ නම්, වසරේ ඉදිරි කාලය පුරා­ව­ටම අඛණ්ඩ ඉන්ධන සැප­යු­මක් සහ­තික කිරී­මට අවශ්‍ය පිය­වර ගෙන ඇති බව හෙතෙම අව­ධා­ර­ණය කරයි.

සභා­ප­ති­ව­රයා පෙන්වා දෙන පරිදි, පිරි­ප­හදු කට­යුතු අඛ­ණ්ඩව සිදු­වන අතර අගෝස්තු මාසය දක්වා අවශ්‍ය නිෂ්පා­දිත ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ලබා ගැනීම සහ­තික කර ඇත. කෙසේ වෙතත්, ලෝක වෙ‍ෙළ­ඳ­පොළේ ඉන්ධන මිල ඉහළ මට්ට­මක පැව­තීම විශාල ගැට­ලු­වක් වී තිබේ.

ඉදි­රි­යේදී ඉන්ධන බෙදා හැරී­මේදී දැනට පව­තින ‘ඔත්තේ ඉරට්ටේ’ ක්‍රමය ඉවත් කිරී­මට බලා­පො­රොත්තු වුවද, QR කේත ක්‍රමය (QR System) දිග­ටම පව­ත්වා­ගෙන යන බව සභා­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය. මෙම ක්‍රමය හරහා ගොවීන්ට සහ ධීව­ර­යන්ට අවශ්‍ය භූමි­තෙල් සහ ඩීසල් සඳහා ඍජුව සහන ලබා දීම­ටත්, මුදල් භාවි­ත­යෙන් තොර ඔන්ල­යින් (Online) ගෙවීම් පද්ධ­ති­යක් දක්වා එය සංව­ර්ධ­නය කිරී­ම­ටත් සැල­සුම් කර ඇත.

අඛණ්ඩ විදුලි සැප­යු­මක් සහ­තික කර ඇති බවත්, විදු­ලිය උත්පා­ද­නය සඳහා දින­කට ඩීසල් ටොන් 1000ක් පමණ වැය­වන බවත් හෙතෙම සඳ­හන් කළේය. එබැ­වින් රාත්‍රී කාලයේ විදුලි පරි­භෝ­ජ­නය හැකි­තාක් අඩු කරන ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින අතර, වෙසක් සතිය වෙනු­වෙන් විදු­ලිය සම්බ­න්ධ­යෙන් යම් සහ­න­යක් ලබා දීමට තීර­ණය කර ඇති බව ද ඔහු වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *