Home / Local News / රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: ‘සැකකාර රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අධිකරණයට පෙනී යනවා’

රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: ‘සැකකාර රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අධිකරණයට පෙනී යනවා’

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 29 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබිණි.

සැකකාර රනිල් වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඔහුගේ නීතිඥවරු අධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළහ.

නඩුවේ දෙවන සැකකරු වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයේ පෙනී සිටියේ ය.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් “ස්වාමීනි.. මෙම විමර්ශනය මේ වන විට බොහෝ දුරට අවසන් වෙලා තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාට සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විශ්ව විද්‍යාලය වෙත ප්‍රශ්න මාලාවක් යොමු කර පිළිතුරු ලබාගෙන තිබෙනවා.මෙම කාරණය සම්බන්ධයෙන් 2025 අංක 25 දරණ සහ සාපරාධි කාරණාවලට අදාළ අන්‍යයෝන්‍ය සහයෝගිතාව ලබා ගැනීමේ පනත යටතේ විදේශ අමාත්‍යංශය හරහා මෙම කරුණු පිළිබඳව නිල වශයෙන් විධිමත්ව තහවුරු කර ගැනීමට අවශ්‍යදැයි අධ්‍යයනය කරමින් සිටිනවා. මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිතව තිබෙනවා.” යනුවෙන් පැවසීය.

‘ට්‍රාන්සිට් කියන්නේ මේවට ද?’

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් “ස්වාමීනි.. මෙම විමර්ශනය මේ වන විට බොහෝ දුරට අවසන් වෙලා තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාට සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විශ්ව විද්‍යාලය වෙත ප්‍රශ්න මාලාවක් යොමු කර පිළිතුරු ලබාගෙන තිබෙනවා.මෙම කාරණය සම්බන්ධයෙන් 2025 අංක 25 දරණ සහ සාපරාධි කාරණාවලට අදාළ අන්‍යයෝන්‍ය සහයෝගිතාව ලබා ගැනීමේ පනත යටතේ විදේශ අමාත්‍යංශය හරහා මෙම කරුණු පිළිබඳව නිල වශයෙන් විධිමත්ව තහවුරු කර ගැනීමට අවශ්‍ය දැයි අධ්‍යයනය කරමින් සිටිනවා. මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිතව තිබෙනවා.” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දක්වා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “ස්වාමීනි… ඉකුත් විසිහතර වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් විමර්ශකයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මා පොලිසියට උපදෙස් ලබා දුන්නේ සියලුම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශය ලබාගත යුතු බවටයි. නමුත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශය ඔවුන් ලබාගෙන තිබෙන්නේ ඇයගේ නිවසට ගොසින්. ඇතැම්විට විමර්ශන කඩිනම් කිරීම සඳහා ඔවුන් එසේ කළා විය හැකියි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා අදාළ විශ්ව විද්‍යාලයෙන් තමන්ට ආරාධනාව ලැබුණේ 2023 වසරේ ජුනි මස 15 වන දා බවට. ඊට අදාළව ඇය විසින් ඉදිරිපත් කළ ලිපිය මා අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ ලිපිය පළමුවරට ඉදිරිපත් වෙන්නේ ඇයගේ ප්‍රකාශය හරහා. මීට පෙර විත්තියේ නීතිඥවරු මෙවැනි ලිපියක් ගැන අධිකරණයට සඳහන් කළේ නැහැ. එම ලිපිය ඔවුන් වසන් කළා. නමුත් සැකකරුගේ නීතිඥවරු කලින් ප්‍රකාශ කළේ මෙම ආරාධනාව 2023 සැප්තැම්බර් මස 01 වැනිදා ලැබුණු බවට. සැකකාර පාර්ශ්වය නිතරම සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයට ගියේ ට්‍රාන්සිට් එකක් හැටි කියලා. ඒක පිළිගන්න බෑ ස්වාමීනී. ට්‍රාන්සිට් එකක් නම් මීළඟ ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. නමුත් එසේ සිදුවෙලා නෑ. ඔහු ලන්ඩනයේ සිට කිලෝමීටර් 200 ක් එපිටට ගමන් කර තිබෙනවා. හෝටල් වෙන්කර රැඳී සිට තිබෙනවා. ට්‍රාන්සිට් කියන්නේ මේවට ද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “මෙම නඩුකරයේ සැකකාරියක වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටිනවා. ඇය විසින් ලබාදුන් ප්‍රකාශය අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවරක් ගන්නවා” යනුවෙන් පැවසීය.

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *