Home / Local News / ‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘

‘‘කපිලගේ මරණය එයාර් බස් විමර්ශනයට බාධාවක් නෑ‘‘

ශ්‍රී ලංකන් එයාර් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හදිසියේ මිය ගිය ද එය එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට  බාධාවක්  නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි.

කපිල චන්ද්‍රසේනට අමතරව සිද්ධියේ තවත් සැකකරුවන් සිටී නම් විමර්ශන කටයුතු කරගෙන යෑමට බාධාවක් මතු නොවන බවද ඔහු සඳහන් කළේය.

චන්ද්‍රසේන මහතාට අමතරව සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ නිමල් පෙරේරා නමැත්තකු ද සිටින බැවින් ඔවුන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින හෙයින් උදර්පණ නීතිය පාවිච්චි කර ඔවුන් මෙරටට පෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත් තානාපති අංශ හරහා ඒ සඳහා අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ආධාරද ( MLA) ගැනීමට ප්‍රතිපාදන පවතින බවත් මහානාම හේවා මහතා පැවසීය.

එම ක්‍රියාමාර්ගවලින් ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් අවසාන ක්‍රියාමාර්ගය ලෙස සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියාවේදී නඩු පැවරීමටද හැකියාව පවතින බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *