Home / Local News / මනු කියවන්නන් නෑ.. ස්වයංක‍්‍රීය මනු කියවීම් මීටර් එයි..

මනු කියවන්නන් නෑ.. ස්වයංක‍්‍රීය මනු කියවීම් මීටර් එයි..

සම්ප්‍රදායික විදුලි මීටර වෙනුවට ස්මාර්ට් මීටර (Smart Meter) සවි කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ. 

ස්මාර්ට් මීටර (Smart Meters) සවි කිරීමට අදාළ මූලික අධ්‍යයන වාර්තා මෙහිදී සාකච්ඡාවට ගත් අතර පාරිභෝගිකයන්ට මෙන්ම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා සමාගමට ද ප්‍රතිලාභ සැලසෙන ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු විය. 

ස්මාර්ට් මීටර් සවිකිරීම මගින් ස්වයංක්‍රීයව විදුලි භාවිතය මැනගැනීමට (Real-time monitoring) මෙන්ම මානව මැදිහත් වීමකින් තොරව ස්වයංක්‍රීය මනු කියවීමට ද (Automated Meter Reading) අවස්ථාව උදා වෙයි. 

මෙම ව්‍යාපෘතියේ මූලික අදියර වශයෙන් ඒකක 180ට වැඩි පාරිභෝගිකයන් වෙනුවෙන් ස්මාර්ට් මීටර ස්ථාපනය කෙරෙන අතර පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කිරීමකින් තොරව එම කටයුත්ත සිදු කිරීමට අපේක්ෂිතය. 

දැනට පවතින තම විදුලි බිල අඩු කරගත හැකි පරිදිත් විදුලි සමාගම්වල ඉදිරි පැවැත්ම තහවුරු වන පරිදිත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණ. 

මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා සමාගමේ සභාපති රෝහිත ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *