කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් පැවති නඩුවකදී, ඔහුට අධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප සඳහා මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම නියෝගය ලබාදී ඇත්තේ ලහිරු සිල්වා මහතා විසිනි.
කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරුවන් දෙදෙනාට කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොතිබූ අතර, එක් අයෙකුට රුපියල් 15,000 බැගින් ලබාදී ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම, අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික සහ අනෙකුත් ලේඛන සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් විය.
ප්‍රශ්න කිරීම්වලදී, “දේවා” සහ “තිස්ස” නම් පුද්ගලයන්ගේ ඉල්ලීමකට අනුව තමන් ඇප තැබීමට එකඟ වූ බව සැකකරුවන් ප්‍රකාශ කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණය විසින්:
- සැකකරුවන් පිළිබඳ පූර්ණ වාර්තාවක්,
- ග්‍රාම නිලධාරී වාර්තා ලබාගත් ආකාරය පිළිබඳ විස්තරයක්
ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර ඇත.





