
ඇමෙරිකානු ජනධිපතිවරයා, මැදපෙරදිග යුද්ධය පිළිබඳ පාප් වහන්සේගේ අදහස් විවේචනය කිරීමෙන් පසුව, ලියෝ පාප් වහන්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ “විවාද කිරීමට කිසිදු අදහසක් නැහැ” යනුවෙන් සඳහන් කළා.
“මම දේශපාලනඥයෙක් නොමෙයි,” ලියෝ පාප් වහන්සේ වාර්තාකරුවන්ට පැවසුවා.
තමා මීට පෙර කළ ප්‍රකාශය තහවුරු කැරමින් පප් වහන්සේ සඳහන් කළේ, “පණිවිඩය එකමයි: සාමය ප්‍රවර්ධනය කිරීම.”
සෙනසුරාදා – යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡාවලට ඉරාන සහ ඇමෙරිකානු නියෝජිතයින් පකිස්ථානයේදී හමුවූ අවස්ථාවේදී – “යුද්ධයේ උමතුව” අවසන් කරන ලෙස පාප් වහන්සේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියා




