Home / Breaking News / තෙල් පෝලිම් අදින් අවසන් – සැපයුම යථා තත්ත්වයට

තෙල් පෝලිම් අදින් අවසන් – සැපයුම යථා තත්ත්වයට

රට තුළ පැවති තෙල් පෝලිම් තත්ත්වය අදින් අවසන් වන අතර, තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (3) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

සමහර ප්‍රදේශවල අඩු වැඩි වශයෙන් ඉන්ධන හිඟ තත්ත්වයක් දැකිය හැකි වුවද, ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවද සභාපතිවරයා අවධාරණය කළේය.

“අද පෙරවරු 6.00 සිට බෙදාහැරීම් කටයුතු ආරම්භ කළා. අද දහවල් වන විට කිසිදු පිරවුම්හලක ඉන්ධන හිඟයක් හෝ දිගු පෝලිමක් ඇති වීමට හේතුවක් නැහැ. ඉන්ධන ඒකරාශී කිරීමෙන් වළකින ලෙසත් සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යාමටත් අපි ජනතාවට මතක් කරනවා,” යනුවෙන්ද රාජකරුණා මහතා සඳහන් කළේය.

ඉන්ධන බෙදාහැරීම් කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවද සංස්ථාව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *