Home / Local News / සැබෑ මිතුරෙකු ලෙස රුසියාව

සැබෑ මිතුරෙකු ලෙස රුසියාව

රුසියාව, අසීරු ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සිටිමින් සහාය ලබාදීමට සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා ප්‍රකාශ කළේය.

ඒ බව ඔහු සඳහන් කළේ, Anura Kumara Dissanayake ජනාධිපතිවරයා හමුවීමේදීය.

මැදපෙරදිග තුළ උද්ගතව ඇති යුද තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කළේය.

එසේම, වත්මන් ගෝලීය අර්බුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳ රුසියාවට සම්පූර්ණ අවබෝධයක් පවතින බව ඔහු සඳහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, තාක්ෂණික සහ යන්ත්‍රෝපකරණ ආදී විවිධ ක්ෂේත්‍රවලද ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට රුසියාව සූදානම් බවද රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *