March 23, 2026 | iri news
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය හා සුවිශේෂී ආර්ථික කලාපය තුළ ඝන අඩි ට්‍රිලියන 03ක් දක්වා වූ ස්වභාවික වායු නිධි පවතින බවට ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ.
“ද සන්ඩේ මෝර්නින්” පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී Petroleum Development Authority of Sri Lanka (PDASL) සභාපති සාලිය වික්‍රමසූරිය මහතා සඳහන් කර ඇත්තේ, මෙම මුහුදු කලාපය තුළ බොරතෙල් බැරල් බිලියන කිහිපයක විභවයක්ද පවතින බවයි.
පසුගිය වසර කිහිපය තුළ සිදු කළ භූ කම්පන දත්ත විශ්ලේෂණ (Seismic data) සහ ද්‍රෝණි ආකෘති නිර්මාණ (Basin modelling) මඟින් මෙම සම්පත් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු හඳුනාගෙන ඇති බව ද ඔහු පැවසීය.
ආයෝජකයින් ආකර්ෂණය කිරීම සඳහා 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නව නියාමන රාමුවක් හඳුන්වා දී ඇති අතර, “Explore Sri Lanka” වැඩසටහන යටතේ විවෘත බලපත්‍ර ලබාදීමේ ක්‍රමයක් (Open licensing system) ක්‍රියාත්මක කර තිබේ.
මෙම නව ක්‍රමය අනුව මුහුදු කලාප කුඩා කොටස්වලට බෙදා, ජාත්‍යන්තර සමාගම්වලට ඕනෑම අවස්ථාවක බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදෙන බව සඳහන්ය.
දැනටමත් ගෝලීය සමාගම් කිහිපයක් මේ සඳහා උනන්දුව පළ කර ඇති අතර, දශක කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ තෙල් හා වායු ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇතිවිය හැකි බව ද Petroleum Development Authority of Sri Lanka පවසයි.





