පවතින ඉන්ධන සැපයුම් සම්බන්ධ ගැටලු තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එයට මුහුණදීම සඳහා රජය විසින් සෑම සතියකම බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණය 2026 මාර්තු 17 සිට ක්‍රියාත්මක වේ.
මෙම නිවාඩු දිනය පාසල්, විශ්වවිද්‍යාල, උසාවි ඇතුළු සියලුම රජයේ ආයතන සඳහා බලපැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය සේවා සඳහා එය අදාල නොවන බව සඳහන් වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. තවද, සතියේ අනෙකුත් වැඩකරන දින හතර තුළ සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම සියලුම රජයේ උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද රජය තීරණය කර ඇත. විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අවශ්‍ය පරිදි දුරස්ථ ක්‍රමවේදයන්, විශේෂයෙන් Zoom තාක්ෂණය හරහා පවත්වාගෙන යාමටද අවසර ලබා දී තිබේ.
ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවද, නමුත් QR ක්‍රමවේදය තුළ පවතින තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇතිවී ඇති බවද ප්‍රකාශ විය. එම ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ද බලධාරීන් පවසයි.
තවද, දැනට රට තුළ මාසයකට සරිලන ඉන්ධන සංචිත පවතින අතර, ඉදිරියේදී තවත් ඉන්ධන නෞකා හතරක් මෙරටට පැමිණීමට නියමිත බවද හෙළි කර ඇත.





