මැදපෙරදිග ප්‍රදේශයේ ඇතිව තිබෙන යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් තත්ත්වය අස්ථිර වී ඇති බැවින්, එම තත්ත්වය යහපත් වන තුරු මෙරට ඉන්ධන බෙදාහැරීම QR කේත ක්‍රමය යටතේ සිදු කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
සංස්ථාව පෙන්වා දෙන්නේ, ඉන්ධන සැපයුම නිසි ලෙස කළමනාකරණය කිරීම හා අනවශ්‍ය තදබදය වළක්වා ගැනීම අරමුණු කරගෙන මෙම QR ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, වාහන ලියාපදිංචි අංකය හා ජාතික හැඳුනුම්පත සම්බන්ධ කරමින් ලබා දෙන QR කේතය භාවිතා කරමින් පමණක් ඉන්ධන ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.
මැදපෙරදිග යුද තත්ත්වය නිමවීමත් සමඟ ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ නම්, QR ක්‍රමය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව තීරණයක් ගන්නා බවද සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.





