ඉරානය හා ඇමරිකාව අතර යුද තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකානු යුද නෞකා යැවීමට ටෙහ්රානයෙන් ඇමරිකානු ජනාධිපති Donald Trump වෙත අභියෝගයක් එල්ල කර තිබේ.
Islamic Revolutionary Guard Corps (IRGC) ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ට්‍රම්ප් මීට පෙර ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන් විනාශ කර ඇති බව ප්‍රකාශ කර තිබූ නිසා එය සත්‍ය නම් ඇමරිකානු නෞකා හෝර්මුස් සමුද්‍ර සන්ධියට යැවීමට ඔහු උත්සාහ කළ යුතු බවයි.
මෙම අතර, Strait of Hormuz හරහා ලෝකයේ තෙල් ප්‍රවාහනයේ විශාල කොටසක් සිදුවන බැවින් එය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ප්රයත්නයක් අවශ්‍ය බව ට්‍රම්ප් පවසයි. ඒ සඳහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ චීනය වැනි රටවල් එක්ව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.
එමෙන්ම නේටෝ සාමාජික රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත් නේටෝ සන්ධානයට “අඳුරු අනාගතයක්” ඇතිවිය හැකි බවත් NATO වෙත ඔහු අනතුරු අඟවා ඇත.
මේ අතර, ඉරානය සමඟ පවතින ගැටුම දින 17ක් ඉක්මවී ඇති අතර Israel හමුදාව ලෙබනනය තුළ භූමි මෙහෙයුමක් සිදුකිරීමට සූදානම් විය හැකි බවටත් වාර්තා වෙයි.
තවද, ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව සිදුකළ හමුදා මෙහෙයුම් සඳහා මේ වනවිට ඩොලර් බිලියන 12ක වියදමක් දරා ඇති බවත් ඇමරිකානු ආර්ථික උපදේශකයින් පෙන්වා දෙයි.
මෙම උත්සන්න වන යුද තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළද බලපෑමට ලක්ව ඇති අතර, Brent crude oil මිල බාරලයක් ඩොලර් 106ට ආසන්න මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.





