2026 ICC Men’s T20 World Cup අවසන් තරගයේදී ඉන්දියාව නවසීලන්තය ලකුණු 96කින් පරාජය කරමින් ලෝක ශූරතාව දිනාගැනීමට සමත් විය. මෙම අවසන් තරගය මාර්තු 8 දින Narendra Modi Stadium හිදී පැවැත්වුණි.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබා ගත්හ. ඉන්දියානු ඉනිමට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් Sanju Samson පන්දු 46කින් ලකුණු 89ක් රැස් කළ අතර Ishan Kishan ලකුණු 54ක් සහ Abhishek Sharma ලකුණු 52ක් ලබා ගත්හ.
ලකුණු 256ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ ලකුණු 159කට සීමා විය. ඉන්දියානු පන්දු යැවීම මෙහෙයවමින් Jasprit Bumrah ලකුණු 15කට කඩුලු 4ක් බිඳ හෙළූ අතර Axar Patel ලකුණු 27කට කඩුලු 3ක් ලබා ගත්තේය.
තරගයේ හොඳම ක්රීඩකයා ලෙස Jasprit Bumrah නම් කෙරුණු අතර, තරගාවලියේ හොඳම ක්රීඩකයා ලෙස Sanju Samson තේරී පත්විය.
මෙම ජයග්රහණය සමඟ ඉන්දියාව 2007, 2024 සහ 2026 යන වසරවලදී T20 ලෝක කුසලානය දිනාගත් පළමු කණ්ඩායම බවට පත් විය. එසේම තම රටේම භූමියේදී T20 ලෝක කුසලානය ජයගත් පළමු සත්කාරක රට ලෙසත් ඉන්දියාව ඉතිහාසයට එක්විය.





