විස්සයි–20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ දෙවැනි කොටසට අයත් තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 61ක පරාජයක් ලැබූ අතර, ඒ සමඟම තරගාවලියෙන් ඉවතට පත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයහි ඊයේ (25) පැවති මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට වඩාත් අනුකූල තණතීරුවක නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා ලෙස කඩුලු අහිමි කළහ.
නවසීලන්තයේ අතිරේක දඟ පන්දු යවන්නා වන රචින් රවින්ද්‍ර හමුවේ නායක දසුන් ශානක ඇතුළු පිතිකරුවන් සිව්දෙනකු දැවී ගිය අතර, එය ශ්‍රී ලංකා පිතිකරු අංශයේ දුර්වලතාවය තවදුරටත් ප්‍රකට කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ල ලබාගත් මැතිව් හෙන්රි විසින් පැතුම් නිස්සංක ක්‍රීඩාංගණයට පැමිණි වහාම ක්‍රීඩාගාරයට ආපසු යැවූ අතර, සිය පළමු තරගයට එක් වූ චරිත් අසලංකද කඩුල්ල අහිමි කළේය.





