Home / popular / නීතිඥයා සහ බිරියගේ වෙඩික්කරු අල්ලයි

නීතිඥයා සහ බිරියගේ වෙඩික්කරු අල්ලයි

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසළදී නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ දෙල්දුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම පෙඩ්රූ ජනපදයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරුට නවාතැන් සපයා අපරාධයට ආධාර අනුබල ලබා දුන් බවට සැක කෙරෙන අම්බලන්ගොඩ දෙල්දුව ප්‍රදේශයේ නිවෙස් හිමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

එම නිවෙස් හිමියා භාවිත කළ යතුරුපැදියද අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *