ණයට ගත් යුධ උපකරණ ජාතික නිදහස් උත්සවයේදී ප්රදර්ශනය කළ නොහැකි බව පවසන ආණ්ඩුවක නියෝජිතයින්, වෙනත් අයගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඒවා ඇඳගත්තේ ඇයිද යන්න පිළිබඳව තමන් ආණ්ඩුවෙන් ප්රශ්න කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
අපි දෙමළ ජනතාව සමඟ යුද්ධයක් කළේ නොවන බවත්, ලෝකයට පරාජය කළ නොහැකි යැයි කියන ලද ත්රස්තවාදය පරාජය කළේ අපේ ත්රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය බවත් ඔහු සඳහන් කළා.
එවන් ජයග්රහණයක් රටේ නිදහස් දිනයේදී අභිමානයෙන් ප්රකාශ කිරීමට රාජ්ය නායකයාට කොන්දක් නොමැති බවත්, එය පිළිගැනීමට ආණ්ඩුවට හයියක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම, ත්රිකුණාමලයේ සිද්ධියක් සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිරගත කර ඇති අතර, අනෙක් පසෙක නිදහස් දිනයට යාපනයේ හර්තාල් පැවැත්වෙන බවත්, ඒවා නොදුටු ලෙස ආණ්ඩුව හැසිරෙන බවත් ඔහු චෝදනා කළා.



