නව විගණකාධිපති සමුදිකා ජයරත්න, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (05) පාර්ලිමේන්තුවේදී රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදී තිබෙනවා.
ජාතික විගණන පනතේ 9 වැනි වගන්තියට අනුව, ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපතිවරිය සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ඇය එම දිවුරුම ලබා දී තිබෙනවා.
මෙරට 42 වැනි විගණකාධිපතිවරිය ලෙස පත්වූ ඇය, එම ධුරයට පත්වූ ප්‍රථම කාන්තාව බවද සඳහන් වේ.



